ලිට්රෝ සභාපතිගෙන් ජනතාවට ආරාධනාවක් (Video)
Friday, 07 January 2022 - 10:55 | Views - 1,507
ලබන මාසේ ඉඳන් ගෑස් මිලට සිද්ධ වෙන දේ ගැනත් හෙළිදරව්වක් !!
 
සෑම ලිට්රෝ ගෑස් සිලින්ඩරයකටම අදාලව රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් පාරිභෝගිකයන්ට හිමිවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළා.
 
හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ 1311 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරගත හැකි බවයි.

අප මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිමිකාරීත්වය හොබවන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් විමසීමක් කළා.
 
එහි සභාපති විජිත හේරත් ප්‍රකාශ කළේ මීට මාසයකට පමණ ඉහතදී ලිට්‍රෝ සමාගම විසින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නව රක්ෂණාවරණයක් ලබාගෙන ඇති බවයි.
 
ගෑස් අනතුරු සඳහා ලිට්‍රෝ සමාගමේ නිර්දේශය පරිදී වන්දි ලබා දීමට කටයුතු කරන බව රක්ෂණ සංස්ථාව ප්‍රකාශ කළා.
 
නමුත් ඒ සඳහා අදාල පිපිරීම සෘජුවම ගෑස් නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයකින්ම සිදුවූ බවට තහවුරු කළ යුතු වනවා.
 
මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීමක් හේතුවෙන් පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවකගේ සැමියෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළා.
 
මේ අතර, තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වනවා.
 
අද දිනයේදී මන්නාරම - දරවාන්කුලම් ප්‍රදේශයේ නිවසක සිදුවූ ගෑස් ආශ්‍රිත සිදුවීමකින් නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා.
 
එසේම, ත්‍රිකුණාමලය - සාම්පූර් හි නවරත්නපුරම් ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් ඇත්තේ ආහාර පිසිමින් සිටින විටදීයි.
 
මේ අතර, පසුගිය 3 වෙනිදා කොළඹ තරු පන්තියේ හෝටලයක මුළුතැන්ගෙයි ඇතිවූ පිපිරීමට හේතුව ගෑස් කාන්දු වීමක් බව පොලිසිය අද තහවුරු කළා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top