අප මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිමිකාරීත්වය හොබවන ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් විමසීමක් කළා.
එහි සභාපති විජිත හේරත් ප්රකාශ කළේ මීට මාසයකට පමණ ඉහතදී ලිට්රෝ සමාගම විසින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නව රක්ෂණාවරණයක් ලබාගෙන ඇති බවයි.
ගෑස් අනතුරු සඳහා ලිට්රෝ සමාගමේ නිර්දේශය පරිදී වන්දි ලබා දීමට කටයුතු කරන බව රක්ෂණ සංස්ථාව ප්රකාශ කළා.
නමුත් ඒ සඳහා අදාල පිපිරීම සෘජුවම ගෑස් නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයකින්ම සිදුවූ බවට තහවුරු කළ යුතු වනවා.
මේ අතර, ගෑස් ආශ්රිත පිපිරීමක් හේතුවෙන් පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවකගේ සැමියෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළා.
මේ අතර, තවමත් දිවයිනේ විවිධ ප්රදේශවලින් ගෑස් ආශ්රිත පිපිරීම් වාර්තා වනවා.
අද දිනයේදී මන්නාරම - දරවාන්කුලම් ප්රදේශයේ නිවසක සිදුවූ ගෑස් ආශ්රිත සිදුවීමකින් නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා.
එසේම, ත්රිකුණාමලය - සාම්පූර් හි නවරත්නපුරම් ප්රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් ඇත්තේ ආහාර පිසිමින් සිටින විටදීයි.
මේ අතර, පසුගිය 3 වෙනිදා කොළඹ තරු පන්තියේ හෝටලයක මුළුතැන්ගෙයි ඇතිවූ පිපිරීමට හේතුව ගෑස් කාන්දු වීමක් බව පොලිසිය අද තහවුරු කළා.