ඉදිරියේ දී එළඹෙන ඕනෑ ම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයක් සමඟ ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, හවුල්කාර පක්ෂවල ගැටලු පිළිබඳ සාකච්ඡාවකට වත්මන් ආණ්ඩුවක් මෙතෙක් අවස්ථාවක් ලබා දී නො මැති බවයි.