ගෝලීය ආහාර මිල - 2021 ඉහළම අගයක
Friday, 07 January 2022 - 9:33 | Views - 542
පසුගිය 2021 වසරේ දී ගෝලීය ආහාර මිල ගණන් පෙර වසරට සාපේක්ෂ ව 28%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

එහි ආහාර මිල දර්ශකයේ සාමාන්‍යය 2021 වසරේ දී 125.7ක් ලෙස සටහන් වූ අතර, එය දශකයකින් වාර්තා වූ ඉහළම අගය යි.

සියලු ආහාර වර්ගවල මිල ගණන් පසුගිය වසරේ දී ඉහළ ගිය අතර, එළවළු තෙල් මිල 66%කින් ඉහළ ගියේ මෙතෙක් පැවති ඉහළ ම අගය සළකුණු කරමින්.

ධාන්‍ය මිල ගණන්ද 27%කින් ඉහළ ගොස් ඇති අතර, ඉරිඟු මිල 44.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

තිරිඟු මිල 31.3%කින් ඉහළ ගොස් ඇති බවයි ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මීට අමතර ව මස් වර්ගවල මිල ගණන් සාමාන්‍යයක් ලෙස 12.7%කින් ද කිරි නිෂ්පාදන මිල ගණන් 16.9%කින් ද ඉහළ ගොස් තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top