පසුගිය 2021 වසරේ දී ගෝලීය ආහාර මිල ගණන් පෙර වසරට සාපේක්ෂ ව 28%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.
එහි ආහාර මිල දර්ශකයේ සාමාන්‍යය 2021 වසරේ දී 125.7ක් ලෙස සටහන් වූ අතර, එය දශකයකින් වාර්තා වූ ඉහළම අගය යි.
සියලු ආහාර වර්ගවල මිල ගණන් පසුගිය වසරේ දී ඉහළ ගිය අතර, එළවළු තෙල් මිල 66%කින් ඉහළ ගියේ මෙතෙක් පැවති ඉහළ ම අගය සළකුණු කරමින්.
ධාන්‍ය මිල ගණන්ද 27%කින් ඉහළ ගොස් ඇති අතර, ඉරිඟු මිල 44.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
තිරිඟු මිල 31.3%කින් ඉහළ ගොස් ඇති බවයි ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.
මීට අමතර ව මස් වර්ගවල මිල ගණන් සාමාන්‍යයක් ලෙස 12.7%කින් ද කිරි නිෂ්පාදන මිල ගණන් 16.9%කින් ද ඉහළ ගොස් තිබෙනවා.