කැලණිතිස්සේ ජනන යන්ත්‍රයක් ආපදාවක
Friday, 07 January 2022 - 8:23 | Views - 1,358
අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට අද දිනයේදීත් නො හැකි වුව හොත් දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව එලෙස විදුලි බලය බිඳ වැටිය හැකි බවටයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ආපදාවට ලක්වීමෙන් ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටුණා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිටම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, ඉන්ධන අර්බුදය මැද යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති ඊයේ අනතුරු ඇඟවීමක්ද සිදුකළා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඩීසල් නො ලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top