ඔමික්‍රොන් සුළු කොට නො තකන්න - WHO කියයි
Friday, 07 January 2022 - 7:49 | Views - 1,669
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ බලපෑම සුළු කොට නො සළකන්නැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කළා.

මේ අතර මෙරට ජනගහණයෙන් 28%කට මේ වනවිට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා ලබා දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ප්‍රකාශ කළේ, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් සුළු බලපෑමක් ඇතිවන බව සැළකීම අනතුරුදායක බව යි.

එමඟින් ලොව පුරා පුද්ගලයින් මියයන බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළා.

මෑතක දී සිදු කළ අධ්‍යයන මඟින් ප්‍රකාශ වූයේ, ඔමික්‍රොන් ආසාදනයෙන් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවස්ථා අවම බවයි.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ, ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් ලොව පුරා කොරෝනා ආසාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය, එම රටවල සෞඛ්‍ය පද්ධති කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

පසුගිය සඳු දා ඇමරිකා එක්සත් ජනපදයෙන් මිලියනයක දෛනික ආසාදිතයන් වාර්තා වූයේ ද ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන්.

ගත වූ සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදනය 71%කින් ඉහළ ගොස් ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ එය සියයට සියයක වර්ධනයක්.

එහි දී ලොව පුරා අසාධ්‍ය තත්ත්වයට පත් වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 90%ක්ම එන්නත්කරණය නො ලැබූවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නා.

එන්නත්කරණය ලැබූවන් සඳහා ඔමික්‍රොන් ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සුළු ආබාධ පෙන්නුම් කළ ද එමඟින් එය, දුර්වල ප්‍රභේදයක් ලෙස සැළකිය නො හැකි බවයි ඔහු අවධාරණය කළේ.

අනෙකුත් කොරෝනා ප්‍රභේදයන් මෙන්ම ඔමික්‍රොන් මගින්ද පුද්ගලයන් රෝහල් ගතකිරීම සහ මරණයට පත්වීම සිදු වනවා.

මේ නිසා කොරෝනා සුනාමියක් කඩිනමින් පැමිණීම වළක්වා ගත යුතු බව ඔහු කියා සිටියා.

මේ අතර බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී සඳහන් කළේ, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත ලබාදීම තවත් කඩිනම් කරන ලෙස, තමන් උපදෙස් ලබාදුන් බවයි.

ඒ සඳහා සෑම කොට්ඨාසයකට ම මධ්‍යස්ථාන කිහිපයක් එක් කෙරෙනවා.

මේ වනවිට මෙරට බූස්ටර් එන්නත ලබාගෙන ඇති ප්‍රතිශතය ජනගහනයෙන් 28%කට අධිකයි.

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 584 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 590,063ක් දක්වා ඉහළ ගියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top