රාජකාරියට එහා ගිය නිල ඇඳුම යට සැඟවුණු මනුස්සකම (Video)
Thursday, 06 January 2022 - 16:48 | Views - 333
රාජකාරියට එහා ගිය නිල ඇඳුම යට සැඟවුණු මනුස්සකම පොලිස් නිලධාරින් සිදු කරන රාජකාරිය එහි ප්‍රමාණය, කොතෙක් වුවද ඔවුන් අතින් සිදුවන කුඩා වැරැද්දක් වුවද උලුප්පා දක්වමින් ඒවා දරුණු ලෙස විවේචනය කිරීම අප සමාජයේ පුරුද්දක්.

නිල ඇඳුමලා ගත් බොහෝ අනෙක් නිලධාරින්ට වඩා පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම විවේචන එල්ල වන්නෙ, රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට ඔවුන් නිරන්තරයෙන් සිවිල් ජනයා සමඟ ගැටෙන නිසාවෙන්. මේ නිසාම, අපේ රටේ සිවිල් ජන සමාජය තුළ පොලිස් නිලධාරින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි සෘණාත්මක ආකල්පයක්.

බොහෝ විට නිල ඇඳුම් ලාගත්තද ඔවුනුත් අප සමාජයේම කොටසක් බව, අප විසින්ම අමතක කර දමන්නේ ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කුඩුම අදාළ නිල ඇඳුම්ලාගත්තන් විසිනුත් සපයන නිසාවෙන්. නමුත්, මේ නිල ඇඳුම තුළ සැඟවී ඇති මනුස්සකම ඉස්මතු වන සෑම අවස්ථාවකම එය නොවළහා පැසසුමට ලක් කිරීමටත් අප සමාජය පසුබට වන්නෙ නැහැ.

මේ, වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන්නෙ එම දර්ශන මාලාවේ සිටින නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරින්ට තුති මල් පුද කරමින්. පොළොන්නරුව, කදුරුවෙල ප්‍රධාන මාර්ගයේ හදිසි අවස්ථාවක් සටහන් කෙරෙන ද්විත්ව සංඥා පහන් දල්වාගෙන වේගයෙන් ගමන් කරන ත්‍රිරෝද රථයකට සහය දක්වන මේ පොලිස් නිලධාරින් දෙදෙනා එතැනදී ඉදිරියෙන් තබන්නෙ ඔවුන්ගේ හදවත් තුළ ඇති මනුෂ්‍යත්වයයි.

අධික වේගයෙන් තමන් පසු කර යන ත්‍රිරෝද රථයේ ඇති හදිසිය සොයා බලනා මේ නිලධාරින් දෙදෙනා වහා එය වටහාගෙන ඔවුන් විසින් සිදු කළ යුතු රාජකාරිය කිරීමට පෙළඹෙනවා. අදාළ ත්‍රීරෝද රථයට මඟ පෙන්වමින් ඔවුන් පෙර මඟ ගන්නෙ ප්‍රභූ රථයකට පෙර ගමන් කරනවාට වඩා අභිමානයෙන් විය හැකියි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top