ගෑස් ආශ්රිත පිපිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ද ඇතුලු නිලධාරීන්ගෙන් ප්රකාශ ලබාගනිමින් සකස් කළ වාර්තාව ලබන 12 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බව එම කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි පවසනවා.
ඔහු කියා සිටියේ, එහිදී විධිමත්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් සහිතව අදාළ වාර්තාව නිකුත් කරන බවයි.
එමෙන්ම, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් තොරතුරු රැස් කළ බව ද මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි ප්රකාශ කළා.