තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වීම දී ගෙදර යයි
Thursday, 06 January 2022 - 14:05 | Views - 712

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මීට ටික වේලාවකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.
ඉන් අනතුරුව රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කළ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය සහ නිල රථය බාර දී අද දහවල් 12.30 ට පමණ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේන් පිටව ගොස් තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය ආයතන වල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමේ තීරණයක් රජය විසින් ගත් අතර ඒ අනුවයි රූපවාහිනි සංස්ථා සභාපතිවරයා මාරු කිරීමට තීරණය කෙරුණේ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාල සභාපතිවරුන් දෙදෙනාට මීට පෙර දැනුම් දී තිබුණේ සිය තනතුරු මාරු කරගන්නා ලෙසයි.
ඒ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සභාපති වරයා ලෙසත්, එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන රූපවාහිනි සංස්ථා සභාපතිවරයා ලෙසත් පත් කිරීමට නියමිතව තිබුණා.
නමුත් රූපවාහිනි සංස්ථා සභාපති ධුරයෙන් අද දින නික්ම ගිය රෙජිනෝල්ඩ් කුරේ පවසා ඇත්තේ එවන් පුටු මාරුවකට තමන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බවයි.
Share This Article