දින 44කට පෙර මීරිගම කොටදෙණියාව ප්‍රදේශයේ දි අතුරුදන් වූ වයස අවුරුදු 10ක් හා 12ක වයස්වල පසුවන ළමුන් දෙදෙනා බවට සැක කෙරෙන ළමුන් දෙදෙනෙකු මීරිගම නගරයේ දී සොයාගත් බව පොලිසිය පවසනවා.
අදාළ ළමුන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් පළමුව කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ මෙහය වූ අතර, පසු ව එම පරීක්ෂණ කටයුතු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමකට භාර කෙරුණා.
මේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ මවකගෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කළ හිරු ප්රවෘත්ති මාධ්‍ය කණ්ඩායම සිදු කළ ප්‍රශ්න කිරීමක දී ඇය කියා සිටියේ, මෙම දරුවන් දින කිහිපයකින් නැවත නිවසට පැමිණෙන බවට ශාස්ත්රකරුවෙකු විසින් දන්වා සිටි බව යි.
ඉන් අනතුරුවත් අවස්ථා ගණනාවක දී අප ප්රවෘත්ති කණ්ඩායම් මෙම සම්බන්ධයෙන් සිදු කළ විමසීම්වල දී ඔවුන් මාධ්‍යය මඟහැර යෑමට උත්සාහ දැරුවා.
කෙසේ වෙතත් මෙලෙස මීරිගම නගරයෙන් සොයාගත් දරු දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නියමිත බව යි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.