අතුරුදන් වූ දරු දෙදෙනා හමුවෙයි (Video)
Thursday, 06 January 2022 - 12:18 | Views - 478
 දින 44කට පෙර මීරිගම කොටදෙණියාව ප්‍රදේශයේ දි අතුරුදන් වූ වයස අවුරුදු 10ක් හා 12ක වයස්වල පසුවන ළමුන් දෙදෙනා බවට සැක කෙරෙන ළමුන් දෙදෙනෙකු මීරිගම නගරයේ දී සොයාගත් බව පොලිසිය පවසනවා.

අදාළ ළමුන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් පළමුව කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ මෙහය වූ අතර, පසු ව එම පරීක්ෂණ කටයුතු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමකට භාර කෙරුණා.

මේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ මවකගෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කළ හිරු ප්‍රවෘත්ති මාධ්‍ය කණ්ඩායම සිදු කළ ප්‍රශ්න කිරීමක දී ඇය කියා සිටියේ, මෙම දරුවන් දින කිහිපයකින් නැවත නිවසට පැමිණෙන බවට ශාස්ත්‍රකරුවෙකු විසින් දන්වා සිටි බව යි.

ඉන් අනතුරුවත් අවස්ථා ගණනාවක දී අප ප්‍රවෘත්ති කණ්ඩායම් මෙම සම්බන්ධයෙන් සිදු කළ විමසීම්වල දී ඔවුන් මාධ්‍යය මඟහැර යෑමට උත්සාහ දැරුවා.

කෙසේ වෙතත් මෙලෙස මීරිගම නගරයෙන් සොයාගත් දරු දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නියමිත බව යි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top