නවම් මාසයට ළඟ එන පෝලිම ගැන අනතුරු ඇඟවීම (Video)
Thursday, 06 January 2022 - 12:12 | Views - 2,383
මෙරට ඇති වී තිබෙන පොහොර අර්බුදය හේතුවෙන් ඉදිරියේදී සහල් ලබා ගැනීමට ජනතාවට පෝලිම් වල සිටීමට සිදුවන බව සහල් නිෂ්පාදකයින් පවසනවා.

කෙසේ වෙතත් ලබන මස අවසානය වන විට මෙරට තුල විශාල සහල් හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන බවටයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවන්නේ. 

up date..

පොහොර ගැටලුව හේතුවෙන් නිසි කලට වී අස්වනු නොලැබීම නිසා ඉදිරියේදී සහල් මිලදී ගැනීම සඳහාද ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුවිය හැකි බව, සහල් නිෂ්පාදකයින් පවසනවා.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් ඉල්ලා සිටින්නේ විනාශ වූ තම වගාවන් වෙනුවෙන් රජයෙන් නිසි වන්දියක් ලබාදෙන ලෙසයි.

මහ කන්නය වෙනුවෙන් හම්බන්තොට රන්න ප්‍රදේශයේ වී වගාකළ අක්කර 150ක පමණ කුඹුරු යායට රසායනික පොහොර මෙතෙක් නොලැබීම හේතුවෙන්, ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඔවුන් චෝදනා කරන්නේ මාස දෙකක් පමණ ඉක්මවා ඇති තම වී වගාවට නිසි පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේවන විට ගොයම කහ පැහැගැන්වී ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top