අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේ මහල් නිවාසයක හට ගත් ගින්නකින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ(06)දින හට ගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර ළමයින් 8 දෙනෙකු ද සිටින බවයි.
තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ගින්න හට ගත් නිවාසය පෙන්සිල්වේනියාවේ නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් නිවාස සංකීර්ණයක් බවටයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.