ග්‍රෑන්ඩ්පාස් - සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අනිද්දා (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරුවන් සියලු දෙනා බාල වයස්කරුවන් බව අධිකරණය හමුවේ අනාවරණය වීම හේතුවෙන් ඔවුන් මාකොළ ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා නියෝග කර ඇත්තේ.
එසේම සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරුණා.
ටික්ටොක් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැරීමට වැඩි ප්‍රියතාවයක් දැක්වූ මිය ගිය තරුණයා පෙරේදා (03) මෙලෙස ඝාතනයට ලක්වුණේ ග්‍රෑන්ඩ්පාස් - හේනමුල්ල පාර ප්රදේශයේදීයි.