අලුත්ම නීතිය අනිවාර්ය කෙරෙන, නීති සම්පාදනය කර අවසන්
Thursday, 06 January 2022 - 7:37 | Views - 488
පොදු ස්ථානවලට ප්‍රවේශ වීමට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 550 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
නව ආසාදිතයන් 550 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වූණේ 589,479 ක් ලෙසයි.
ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 13002ක් වනවා.
නව මරණ 10ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,065ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, මේ වනවිට මෙරට සියලු ප්‍රදේශවලින් ඔමික්‍රෝන් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ, පවතින තත්ත්වය හමුවේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට සියලු පුරවැසියන් යුහුසුලුව කටයුතු කළ යුතු බවයි.
එම එන්නත මගින් විවිධ සංකූලතා ඇති වන බවට පල වන වාර්තා මෙතෙක් විද්‍යාත්මකව සනාථ වී නො මැති බව ද ඔහු ප්‍රකාශ කළා.
Share This Article