හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (04) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ නිල සුඛෝපභෝගී රථය සහ සෙසු භාණ්ඩ යළි භාරදීමෙන් අනතුරුව නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා අද උදෑසන රාජකාරියට අදාළ සියලු ලිපිලේඛන ආදිය ද භාර දී ත්‍රී රෝද රථයක නැගී නික්ම ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ යන අතරවාරයේ දී හෙතෙම මාධ්‍යවේදීන් ඇතුළු සෙසු පිරිසට "සුබ අනාගතයක්" යැයි සුබාශිංසන ද එක් කළා.