ජල බිලට දුන් වට්ටම අත්හිටුවයි
Tuesday, 04 January 2022 - 13:53 | Views - 722
ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට ලබාදුන් 10%ක වට්ටම අත්හිටුවා තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, 2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් සිදුවන බවයි.

එම අලාභය සලකා බලා ජලබිල්පත සදහා ලබාදෙන 10%ක වට්ටම අත්හිට වූ බව ඔහු සදහන් කළා.

ජල පහසුකම් ලබාගෙන ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් 75% ක් පමණ ජල ඒකක 25%කට අඩුවෙන් භාවිත කරනු ලබන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

විදුලි බිල්පත් සඳහා ද අදාළ 10% වට්ටම 2014 වසරේ ඉදිරිපත් වූ අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක වුව ද එය 2015 වසරේ දී විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය සලකා බලා අත්හිටුවනු ලැබුවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top