නව බස් රථ 500කට කැබිනට් අනුමැතිය
Tuesday, 04 January 2022 - 12:15 | Views - 581
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 නව බස් රථ 500ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ වෙතත් ලන්සු කැඳවීමෙන් පසු ප්රසම්පාදන ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ප්රදානය කිරීමට නියමිතයි.
එසේම ශ්රී ලංකා පොලිසිය සඳහාද ජීප් රථ 750ක් මිලඳී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්යබලකාය සඳහාද ජීප් රථ 150ක් ඒ සඳහා ඇතුලත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මෙම ගිවිසුම් ඉදිරි සතියේදී අත්සන් තැබීමට නියමිත බවයි සඳහන් වුණේ.
Share This Article