ෆයිසර් මාත්‍රා දෙකක් - ස්පුට්නික් එන්නත ගත් අයට
Tuesday, 04 January 2022 - 12:02 | Views - 677

ස්පුට්නික් ෆයිව් එන්නත ලබා ගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබෙනවා.
ඒ, ස්පුට්නික් එන්නත ලබා ගත් පුද්ගලයින් විදේශ රටවල්වලට ඇතුළු කර ගැනීමේ දී පවතින බාධා සැලකිල්ලට ගනිමින්.
තවත් කොරෝනා ආසාදිතයින් 365 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වූ අතර, මරණ 18ක් ද ඊයේ දිනයේ තහවුරු කෙරුණා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,300ක් දක්වා ඉහළ ගිය අතර, සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,037ක් ලෙසට යි.
මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නො මැති අතර, ඉදිරියේ දී ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
ස්පුට්නික් ෆයිව් එන්නත විදේශීය රටවල්වලින් පිළිනොගන්නා බැවින් එම එන්නත ලබා ගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත්, ස්පුට්නික් එන්නත ලබා ගත් සියලු පාර්ශවයන්ට කඩිනමින් මෙලෙස එන්නත් ලබා දීමට කටයුතු සූදානම් කර නො මැති අතර, කුමන ආකාරයකින් හෝ විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයෙකුට ස්පුට්නික් එන්නත ලබා ගැනීම බාධාවක් වන්නේ නම් ඔවුන් මෙලෙස ෆයිසර් එන්නත්කරණයට ලක් කිරීමට යි තීරණය කර ඇත්තේ.
Share This Article