අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් - දිස්ත්‍රික්ක 15ක
Tuesday, 04 January 2022 - 10:14 | Views - 857
පසුගිය මස ඩෙංගු ආසාදිතයින් ඉහළ යාමත් සමග අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අවදානම ඉහළ දිස්ත්‍රික්ක 15ක් කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල 81ක අද සිට ආරම්භ වන මෙම වැඩසටහන ලබන 10 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ගත වූ වසරේ ඩෙංගු ආසාදිතයින් 19,087ක් වාර්තා වූ අතර මරණ 27ක් ද සිදු ව තිබෙනවා.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 5515ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
මීට අමතරව දිස්ත්‍රික්ක 4කින් 1000 ඉක්ම වූ රෝගීන් වාර්තා වී තිබෙනවා.
Share This Article