අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව යළි වැඩ වර්ජනයකට යාම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද දහවල් 11ට අරලියගහ මන්දිරයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට යි නියමිත ව ඇත්තේ.
ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් පසුගිය දා එම සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කළ අතර, දින 4කට පසු පසුගිය 24 වන දා අත්හිටවූවා.
ඉන් අනතුරු ව එම සංගමය අග්‍රාමාත්‍යවරා සමග මෙලෙස සාකච්ඡාවකට එළඹෙන්නේ.
දින 4ක් පැවති වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.
වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියකින් තොර ව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලයිස්තු සැකසීම, වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොර ව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම, 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත්නොකිරීම ඇතුළු කරුණු 07කට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා වර්ජනයක් දියත් කළේ.