වර්ජනයකට යනවා ද ? අගමැති හමු වී තීරණාත්මක සාකච්ඡාව අද
Tuesday, 04 January 2022 - 9:10 | Views - 1,589
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව යළි වැඩ වර්ජනයකට යාම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද දහවල් 11ට අරලියගහ මන්දිරයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට යි නියමිත ව ඇත්තේ.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් පසුගිය දා එම සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කළ අතර, දින 4කට පසු පසුගිය 24 වන දා අත්හිටවූවා.

ඉන් අනතුරු ව එම සංගමය අග්‍රාමාත්‍යවරා සමග මෙලෙස සාකච්ඡාවකට එළඹෙන්නේ.

දින 4ක් පැවති වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියකින් තොර ව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලයිස්තු සැකසීම, වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොර ව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම, 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත්නොකිරීම ඇතුළු කරුණු 07කට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා වර්ජනයක් දියත් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top