ආසාදිතයින් 224ක් පූර්ණ සුවයට
Sunday, 02 January 2022 - 15:19 | Views - 392
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 224 දෙනෙකු අද (02) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 560,949ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

කෙසේවෙතත් වෛරසය ආසාදනය වී තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත සංඛ්‍යාව 11,652ක් වන අතර, ඊයේ (01) දිනට සිදු වූ මරණ සමග මෙරටින් දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද 14,995ක්.

කොරෝනා මර්දනය සඳහා දිවයින පුරා අඛණ්ඩව එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති අතර, මේ වනවිට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 15,993,676ක්.

එහි දෙවැනි මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 13,846,323ක් වන අතර, බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 4,072,350ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top