ආසාදිතයින් 224ක් පූර්ණ සුවයට
Sunday, 02 January 2022 - 15:19 | Views - 393
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 224 දෙනෙකු අද (02) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 560,949ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
කෙසේවෙතත් වෛරසය ආසාදනය වී තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත සංඛ්‍යාව 11,652ක් වන අතර, ඊයේ (01) දිනට සිදු වූ මරණ සමග මෙරටින් දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද 14,995ක්.
කොරෝනා මර්දනය සඳහා දිවයින පුරා අඛණ්ඩව එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති අතර, මේ වනවිට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 15,993,676ක්.
එහි දෙවැනි මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 13,846,323ක් වන අතර, බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 4,072,350ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ.
Share This Article