ඔස්ට්‍රියාවේ මාරාන්තික රෝගීන් සඳහා සියදිවි නසා ගැනීමට අවසර දෙන නව නීතියක් දෙසැම්බර් මාසයේදී එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් පසු බලාත්මක වනවා.
එනම් ඊයේ සෙනසුරාදා සිට, වයස අවුරුදු 18 ට වැඩි “සුව කළ නොහැකි, මාරාන්තික රෝගයකින්” හෝ “වෙනස් ආකාරයකින් වළක්වා ගත නොහැකි” දුර්වල බලපෑම් සහිත බරපතල ස්ථිර රෝගයකින් පෙළෙන අයට සහය සහිත සියදිවි නසාගැනීම් සඳහා අයදුම් කිරීමට අයිතිය පවතින බව එරට, මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් එය දැඩි ලෙස නියාමනය කරන ලද ක්‍රියාවලියක්.