පසුගිය 2021 වසර තුළ ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 50 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, කොරෝනා වසංගතය තුනී වීමෙන් අනතුරුව ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත්වීම ආරම්භවීමත් සමඟයි.
එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සියයට 50.5 කින් ඉහළ ගොස් ඇත්තේ 2016 වසරෙන් පසු වැඩිම වාර්ෂික වර්ධනය සළකුණු කරමින්.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් මිල ද 2009 වසරෙන් පසු වැඩිම වර්ධනය සළකුණු කරමින් සියයට 55.5කින් වර්ධනය වී තිබෙනවා.