දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහළ යයි
Sunday, 02 January 2022 - 13:54 | Views - 881
ජනවාරි මාසය තුළ රාත්‍රි කාලයේ මන්නාරම, අම්පාර, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අවම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා මදක් ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
විශේෂයෙන් දහවල් කාලය තුළ මෙලෙස උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා පහළ යන්නේ පුත්තලම, මන්නාරම, අනුරාධපුර, කොළඹ, අම්පාර, නුවරඑලිය ඇතුළු දිස්ත්‍රික්කවලයි.
මෙම තත්වයට නිවර්තන පැසිෆික් සාගර කලාපයේ දැනට පවතින ලානිනා කාලගුණ සංසිද්ධිය ද හේතුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය සඳහන් කළේ.
Share This Article