තරුණ පෙම් යුවල එක්ව ගිය අවසන් ගමන (Video)
Sunday, 02 January 2022 - 11:22 | Views - 986
 තරුණ යුවලක් ගමන් ගත් යතුරු පැදියක් අද (02) අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේ මියගිය බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක තරුණයෙක් සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19 ක තරුණියක්.

ඔවුන් දෙදෙනා කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියෙන් පැමිණීමේදී වැල්මිල්ල හංදිය පසුකරනවාත් සමඟම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් බෝක්කුව ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය විසි වී ගොස් අසල තිබූ ගල් බැම්මක වැදි මෙම අනතුර සිදු වූ බවයි පොලිසීය සඳහන් කළේ.

යතුරු පැදිය පැදවූ මියගිය තරුණයා පැයට කිලෝ මීටර් සියයකට අධික වේගයෙන් පැමිණ ඇතැයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

අනතුරින් තරුණ යුවළගේ ශරීරයට බරපතළ තුවාල සිදු වී තිබූ අතර, යතුරු පැදියට ද බරපතළ හානි සිදු ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top