ගතවූ 2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණය ලබා ඇති අතර, සියයට 18.4 ක් තුන්වන හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා තිබෙනවා.
නිල දත්තවලට අනුව 2021 වසරේදී අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලැබූ ප්‍රතිශතය සියයට 72 ක්.
ඒ අතුරෙන් සියයට 50.2කට ලබා දී ඇත්තේ චීන සයිනොෆාම් කොරෝනා එන්නත්.
සියයට 7.1 කට ෆයිසර් එන්නත් පළමු මාත්‍රාව සහ සියයට 3.6කට එම දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.
කෙසේ නමුත් ඊයේ (01) දිනයේදීත් තවත් එන්නත් මාත්‍රා 13,174 ක් ලබාදීමත් සමඟ වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලැබූ සංඛ්‍යාව 40 ලක්ෂ 72,350 දක්වා ඉහළ යනවා.