අදත් වැසි සහිත කාලගුණයක්
Sunday, 02 January 2022 - 8:56 | Views - 422
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුර සහ උතුරුමැද පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
Share This Article