අගමැති තනතුරෙන් විශ්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.
සති අන්ත ජාතික පුවත්පතක් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කරනවා.
රටේ ලැබී තිබෙන ප්රජාතන්ත්රවාදී නිදහස උපයෝගී කරගෙන ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප්‍රචාරය කර තිබෙන බවද රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවද අගමැතිවරයා සඳහන් කරනවා.
ප්රජාතන්ත්රවාදී නිදහස තුළින් අයුතු ප්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවයි අගමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ.