ගත වූ වසරේ ඩෙංගු මරණ 27ක්
Sunday, 02 January 2022 - 8:20 | Views - 434
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ වසරේ පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පෙර වසරට එනම් 2020 ට සාපේක්ෂව 2021 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ ඩෙංගු රෝගීන් 31,162 ක් මෙරටින් වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ රෝගීන් 19,087 ක් පමණයි.

පසුගිය වසරේ නොවැම්බර් මස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඊට පෙර වසර හා සැසඳීමේදී තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පැය 24කට වඩා උණ පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර දැනුම්දෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top