ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ වසරේ පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, පෙර වසරට එනම් 2020 ට සාපේක්ෂව 2021 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව 2020 වසරේ ඩෙංගු රෝගීන් 31,162 ක් මෙරටින් වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ රෝගීන් 19,087 ක් පමණයි.
පසුගිය වසරේ නොවැම්බර් මස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඊට පෙර වසර හා සැසඳීමේදී තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
පැය 24කට වඩා උණ පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර දැනුම්දෙනවා.