2022 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය (Video)
Friday, 31 December 2021 - 17:03 | Views - 377
මෙවර 2022 නව වසර නවසීලන්ත වාසීන් විසින් ඕක්ලන්ඩ් නුවර දී උත්සශ්‍රීයෙන් යුතුව පිළිගනු ලැබුවා.

ඒ අනුව 2022 නව වසර ලෝකයේ ප්‍රථමයෙන් ම පිළිගනු ලැබූ රාජ්‍ය බවට පත් වූයේ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවරයි.

මෙම පිළිගැනීම සඳහා නගර මධ්‍යයේ රාත්‍රී අහස අපූර්ව වූ ගිනිකෙළි සංදර්ශනයකින් ද වර්ණවත් කර තිබෙන අයුරු එරට මාධ්‍ය වාර්තා කළා.

සෑම වසරකම නව වසර එළඹීමේ දී නැගෙන පළවෙනි ප්‍රශ්නය වනුයේ "ඇත්තටම නව වසර මුල් වරට උදා වන්නේ කොහෙට ද ? නැත්නම් පෘථිවිය නව වසර මුලින්ම පිළිගන්නේ කුමන කොටසින් ද ' යන කාරණය යි.

මෙම පැනයට පිළිතුරු සැපයීමට සමහර අවස්ථාවලදී සිදු වන්නේ, භෞතික සංසිද්ධි ද උදාහරණයට ගෙනයි.

ඒ අනුව සරල ව කිවහොත්, පෘථිවිය මත යම් ස්ථානයක සිටින විට සාමාන්‍ය සූර්යයා 2021 දෙසැම්බර් 31 සිට 2022 ජනවාරි මස 01 වැනි දිනට ප්‍රථමයෙන් ම උදා වන්නේ දිනරේඛාවට බටහිර දෙසින් සහ පෘථිවියේ නැගෙනහිර දෙසින් යැයි සැලකේ.

මෙම දින රේඛාවට අනුව අවුරුද්ද මුලින්ම උදා වන්නේ, චුකොට්කා හි කේප් ඩෙෂ්නෙව් වෙතය.

ඒ ටොංගා දූපත්වලට වඩා මිනිත්තු දෙකකට පෙර සහ නවසීලන්තයේ චැතැම් දූපත්වලට වඩා මිනිත්තු 10කට පෙර ය.

මුලින්ම හිරු උදාවන ස්ථානය නිශ්චය කර ගැනීම සඳහා යමෙකු එම ස්ථානයේ අක්ෂාංශ සහ දේශාංශ , මුහුදු මට්ටමට ඉහළින් එහි උස එනම් උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුවේ සහ දකුණේ ගිම්හානය ආදිය මීට සැලකිල්ලට ගත යුතුය.

2000 ජනවාරි මස පළමුවැනිදා ග්‍රිනීච් නිරීක්ෂණාගාරයට අනුව මුලින්ම සූර්යයා උදා වූයේ, බෙංගාල බොක්කේ පිහිටි නිකොබාර් දූපත් සමූහයේ කොටසක් වන කැචල් දූපත් වෙතය.

ඉන් පසුව නවසීලන්තයේ චැතැම් දූපත් සමූහයේ කොටසක් වන පිට් දූපත් කන්ද මුදුනට ද එදින සූර්යයා ප්‍රථමයෙන් උදා වූ බව වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් සම්ප්‍රදායිකව "කිරිබාති"හි දී 2015 නව වසර ප්‍රථමයෙන්ම සැමරීම සිදු වූයේ, මෙරට අනෙකුත් දූපත්වලට වඩා නැගෙනහිරින් පිහිටි රේඛීය දූපත්වල ය.

එකල පැතිර ගිය සමාජයේ ඉතා ප්‍රසිද්ධ කියමනක් ද විය.

එනම්, 1994 ජනාධිපති අපේක්ෂකයෙක් පුරවැසියන්ට පැවසූයේ, හෙතෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, ලොව පුරා පළමුවෙන්ම අලුත් අවුරුද්ද සමරන්නේ, කිරිබතීවල බවයි.

ඔහු එදවස මැතිවරණය ජයග්‍රහණය කර එම පොරොන්දුව ඉටු කළ බව ද වාර්තා වනවා.

එතැන් පටන් කිරිබතී වෙත හිරු ප්‍රථමයෙන් උදාවීම හේතුවෙන් ඔහු කාල කලාප සිතියමේ කොන්දේසි සහිත රේඛාවක් ද සකස් කළ බව සඳහන්.

ඒ අනුව කිරිබතී කාල කලාප තුනකට බෙදා ඒවායේ නැගෙනහිර දෙසින් මධ්‍යම රාත්‍රිය ලන්ඩනයට වඩා පැය 14ක් කලින් පැමිණෙන බව ද මූලාශ්‍රවල දැක්වෙනවා.

මෙම ප්‍රදේශය ටොකෙලාවු සහ කිරිබතී ප්‍රදේශ සමකාලීන කාල කලාපයේ ප්‍රදේශ වන අතර, එය කොරල් පරමාණු තුනකින් සමන්විත දූපත් සමූහයකට ද ඇතුළත්.

මෙම ප්‍රදේශයට ඇටෆු, නුකුනෝනෝ සහ ෆකාඕෆෝ යන දූපටත් ද ඇතුළත් වන අතර මෙය පූර්ණ වශයෙන් නවසීලන්තයෙන් යැපෙන කොටසක් ලෙසයි පිළිගැනෙන්නේ.

කෙසේවෙතත් කාල කලාපය වෙනස් කිරීම ඉතා මෑතකදී එනම්, 2011 දී සිදු වූ අතර, එයට ප්‍රධානතම හේතුව වූයේ නවසීලන්තය පෙර මායිම් කිරීමේ කාල සීමාවේ අනෙක් පැත්ත වූ හෙයින් නවසීලන්තය සමග සබඳතා පැවැත්වීමේ ගැටලුවයි.

ඉන් පසුව පිළිවෙළින් පැයකට පසු සැමෝවානුවන්, ඔස්ට්‍රෙලියාව, කැලිෆෝනියාව අලුත් අවුරුදු උදාව පිළිගැනීම සිදු කරනවා.

කෙසේවෙතත් 2022 නව වසර පිළිගැනීමට සියලු ලෝකවාසීන් කොවිඩ් වසංගත තත්ත්වය මැද වුව ද සිටියේ ලකලෑස්ති වීය.

2021 වසර පළමුවෙන් නව වසර උදාවුණේ, පැසිෆික් දූපත් වන කිරිබාති සහ සමෝවා දූපත්වලටය.

අනතුරුව නවසීලන්ත වැසියන්, උදාවූ නව වසර මහත් උත්සවාකාරයෙන් පිළිගනු ලැබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේ විචිත්‍රවත් ලෙසින්.

ඒ සුපුරුදු අයුරින්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි ස්කයි කුලුන ආශ්‍රිතව අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් ද පවත්වමින් එරට වැසියන් නව වසර පිළිගැනීම සිදු කරනු ලැබුවා.

නව වසර පිළිගැනීමට ඔක්ලන්ඩ් හිදී වර්ණවත් ලේසර් ආලෝක සංදර්ශනයක් ද පැවැත්වුණු අතර, කොවිඩ් වසංගතය මධ්‍යයේ දී වුව ද 2022 නව වසර පිළිගැනීමට ද කිවි ජාතිකයින් ඉවසිල්ලක් නැතිව බලාපොරොත්තු දල්වා අපේක්ෂාවෙන් සිටිනවා.

රිදම් සහ ඇල්ප්ස් සිට ඕක්ලන්ඩ් රාත්‍රී සමාජශාලා දක්වා, බොහෝ අය සංගීතයට සවන් දෙමින්, සහකරුවන් සමඟ සිනාසෙමින් සහ 2022 ආරම්භය සමරමින් විනෝදජනක රාත්‍රියක් ගත කිරීමට සූදානම්ව සිටින බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

නවසීලන්තය තුළ කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන්ට පමණක් වීදි බැස නව අවුරුදු උදාව පිළිගැනීමට මෙවර අවසර හිමි වී ඇති අතර, ඔවුන් සන්තකයේ අනිවාර්යයෙන්ම එන්නත්කරණ කාඩ්පත තිබීම ද අනිවාර්යය කර තිබෙනවා.

පසුගිය වසරේ කිවිවරුන්ට පසුව නව වසර පිළිගත්තේ කැන්ගරු දේශය හෙවත් ඔස්ට්‍රෙලියානුවන් ය.

සුප්‍රකට සිඩ්නි වරාය පාලම සහ ඔපෙරා රඟහල ආශ්‍රිතව ඔවුන් ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා ඉතාමත් ප්‍රීතිප්‍රමෝද්‍යයෙන් යුතුව පරණ වසරට සමු දී ආදරයෙන් යුතුව නව වසර පිළිගනු ලැබුවා.

දකුණු කොරියාවට සහ ජපානයට ඉන් හෝරා දෙකකින් පමණ පසු නව වසරේ උණුසුම විඳින්නට හැකි වූ අයුරු ද දකින්නට ලැබුණා.

මෙවර ද 2022 නව වසර ළෙංගතුව පිළිගැනීමට ලෝකවාසී සියලු ජනයා සූදානමින් සිටින අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විවිධ උත්සවශ්‍රී ගැන්වෙන අයුරින් නානප්‍රකාරයේ සැණකෙළි සංවිධානය කර තිබීම ද දැකිය හැකියි.

නමුත් 2022 නව වසර පිළිගැනීමට ඇතැම් රාජ්‍යයන් වෙත යම් යම් සීමා පැනවීමට එරට රජයන් විසින් පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.

ඊට හේතුව වන්නේ ශීඝ්‍රයෙන් යුතුව ඔමික්‍රොන් නව වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව, ස්කොට්ලන්තයේ, උතුරු අයර්ලන්තයේ සහ වේල්සයේ රාත්‍රී සමාජශාලා වසා දමා ඇති අතර, මේ වසරේ ප්‍රංශයේ - පැරිසියේ චෑම්ප්ස් ඇලිසීස් ඇවනියුව් (Champs-Elysées Avenue) හරහා ගිනිකෙළි සංදර්ශන ආදිය නොපැවැත්වෙනු ඇති.

එහෙත්, ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් චතුරශ්‍රයේ සහ සිඩ්නිහි සැමරුම් පැවැත්වීමට නියමිත අතර, 2022 නව වසර යුරෝපා,අප්‍රිකානු,ආසියානු ,මැදපෙරදිග ආදී සියලු ප්‍රජාව වැළඳ ගන්නෙ ඉමහත් පැතුම් ගොන්නක් සිත් තුළ පුරවා ගනිමිනි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top