ගුවන් යානයක අකරතැබ්බක්
Friday, 31 December 2021 - 13:41 | Views - 993
පියාසැරිය අතරතුරදී Covid-19 ආසාදනය වීම නිසා පාසල් ගුරුවරියක් ගුවන් යානයේ වැසිකිළියක ස්වේච්ඡාවෙන් පැය පහක් ස්වයං හුදකලාව ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම තත්වයට මුහුණ දී ඇත්තේ චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක්. 
 
ගුවන් යානය තුලදී ඇයට කොවිඩ් -19 ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. 
 
Marisa Fotieo නම් මෙම ගුරුවරිය පවසා තිබෙන්නේ චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී ඇයගේ උගුර රිදෙන්නට ගත් බවයි.
 
 “ගුවන් ගමනේ 150 දෙනෙක් සිටියා.මගේ ලොකුම බිය වූයේ එය ඔවුන්ට වැළඳෙයි කියන එකයි.ඒ වගේම ගුවන් සේවිකාව පැය පහ සඳහාම මට අවශ්‍ය සෑම දෙයක්ම ආහාරපානවල සිට බීම දක්වා ලබා දුන්නා.එමෙන්ම මම හොඳින් සිටින බවට සහතික වෙමින් මාව නිරන්තරයෙන් පරීක්ෂා කළා” මිචිගන්හි සිට පැමිණි ෆොටියෝ පවසා තිබෙනවා. 
 
අයිස්ලන්තයට පැමිණීමෙන් පසුව හෝටලයක නැවතී ඇය නිරෝධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top