පියාසැරිය අතරතුරදී Covid-19 ආසාදනය වීම නිසා පාසල් ගුරුවරියක් ගුවන් යානයේ වැසිකිළියක ස්වේච්ඡාවෙන් පැය පහක් ස්වයං හුදකලාව ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම තත්වයට මුහුණ දී ඇත්තේ චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක්.
ගුවන් යානය තුලදී ඇයට කොවිඩ් -19 ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.
Marisa Fotieo නම් මෙම ගුරුවරිය පවසා තිබෙන්නේ චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී ඇයගේ උගුර රිදෙන්නට ගත් බවයි.
“ගුවන් ගමනේ 150 දෙනෙක් සිටියා.මගේ ලොකුම බිය වූයේ එය ඔවුන්ට වැළඳෙයි කියන එකයි.ඒ වගේම ගුවන් සේවිකාව පැය පහ සඳහාම මට අවශ්‍ය සෑම දෙයක්ම ආහාරපානවල සිට බීම දක්වා ලබා දුන්නා.එමෙන්ම මම හොඳින් සිටින බවට සහතික වෙමින් මාව නිරන්තරයෙන් පරීක්ෂා කළා” මිචිගන්හි සිට පැමිණි ෆොටියෝ පවසා තිබෙනවා.
අයිස්ලන්තයට පැමිණීමෙන් පසුව හෝටලයක නැවතී ඇය නිරෝධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.