කොරෝනා සුනාමියකින් සෞඛ්‍ය සේවා පද්ධති බිඳ දැමීමේ අවදානමක්
Friday, 31 December 2021 - 12:48 | Views - 772
ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ කොරෝනා වසංගතය නැවතත් පළමු අදියරට පැමිණ ඇති අතර, කොරෝනා සුනාමියක් මගින් ලොව පුරා සෞඛ්‍ය සේවා පද්ධතීන් බිඳ දැමීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මීට වසර දෙකකට පෙර සොයා ගැනුණු පසුගිය මාර්තුවේ ගෝලීය වසංගතය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු කොරෝනා වෛරසයෙන් මේ වනවිට 54 ලක්ෂය ඉක්ම වූ ලෝකවාසීන් මියගොස් ඇති අතර, ආර්ථික අර්බුද මෙන්ම සාමාජීය ගැටළු රැසක් ඇතිකර තිබෙනවා.
නවතම කොරෝනා ප්‍රභේදය වන සාපේක්ෂව අඩු රෝග ලක්ෂණ සහිත ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය කාලය තුළ එක්සත් ජනපදය, බි්රතාන්යය, ප්‍රංශය සහ තවත් යුරෝපා රටවල සීග්‍රයෙන් පැතිර යාමත් සමඟ නැවතත් නිරෝධායන සීමාවන් හඳුන්වාදීමට එම රටවලට සිදු වුණා.
එමෙන්ම ගෝලීය දෛනික ආසාදිත සංඛ්‍යාව ප්‍රථම වරට මිලියනය ඉක්මවා ඇති අතර, පසුගිය දින හත තුළ පමණක් අලුතින් එක්වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7.3 ක්.
Share This Article