තවත් ජාතික සම්පතක් ඉන්දියාවට (Video)
Friday, 31 December 2021 - 11:38 | Views - 643

ලංකා අයි.ඕ.සී සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50ක කාලයක් සඳහා එම සමාගමට ම බදු දීමට සැරසෙන බව වාර්තා වෙනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වාරයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි.
මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට යි.
මේ අතර, මෙම නව සමාගමෙන් ශ්‍රී ලංකා එසේත් නො මැති නම් දැනට මෙරට තෙල් බෙදාහැරීම සිදු කරන සමාගම භාවිත කරන සිලෝන් යන නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මෙරට දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක් වුණා.
මීට පෙර ලංකා අයි.ඕ.සී සමාගමට තිස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිත ව තිබුණා.
කෙසේ වෙතත් මෙම නව පියවර සම්බන්ධයෙන් චෝදනා කරන විපක්ෂයේ දේශපාලඥයින් පවසන්නේ, නුදුරු අනාගතයේ දී ඇති වෙන උග්‍ර ඛනිජ තෙල් අර්බුදය සමනය කරගැනීමේ තාවකාලික පැලැස්තරයක් ලෙස මෙම ගිවිසුම භාවිත කරන බව යි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 91ක් ඇතුළත්.
ඒ අතුරෙන් තවමත් තෙල් ටැංකි 75කට ආසන්න ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා.
Share This Article