තවත් ජාතික සම්පතක් ඉන්දියාවට (Video)
Friday, 31 December 2021 - 11:38 | Views - 644
ලංකා අයි.ඕ.සී සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50ක කාලයක් සඳහා එම සමාගමට ම බදු දීමට සැරසෙන බව වාර්තා වෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වාරයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි.

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට යි.

මේ අතර, මෙම නව සමාගමෙන් ශ්‍රී ලංකා එසේත් නො මැති නම් දැනට මෙරට තෙල් බෙදාහැරීම සිදු කරන සමාගම භාවිත කරන සිලෝන් යන නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වුණා.

මීට පෙර ලංකා අයි.ඕ.සී සමාගමට තිස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්‍යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිත ව තිබුණා.

කෙසේ වෙතත් මෙම නව පියවර සම්බන්ධයෙන් චෝදනා කරන විපක්ෂයේ දේශපාලඥයින් පවසන්නේ, නුදුරු අනාගතයේ දී ඇති වෙන උග්‍ර ඛනිජ තෙල් අර්බුදය සමනය කරගැනීමේ තාවකාලික පැලැස්තරයක් ලෙස මෙම ගිවිසුම භාවිත කරන බව යි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 91ක් ඇතුළත්.

ඒ අතු‍රෙන් තවමත් තෙල් ටැංකි 75කට ආසන්න ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top