වැඩි ම සංචාරක ආගමනය දෙසැම්බරයේ
Friday, 31 December 2021 - 8:49 | Views - 368
මේ වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,000කට අධික පිරිසක් පැමිණ ඇති අතර, එය, කොරෝනා වසංගතයට ගොදුරු වූ පසුගිය වසරේ මාර්තු මාසයෙන් අනතුරු ව වාර්තා වූ ඉහළ ම මාසික සංචාරක ආගමනයයි.
එය, මාස විස්සකින් වැඩි ම සංචාරකයන් පැමණි මාසය ද සලකුණු කරනවා.
දෙසැම්බර් 29 වැනි දා දක්වා දත්ත සැලකූ විට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 69,941ක් පැමිණ ඇති අතර, ඒ අනුව වසර තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 174,930 දක්වා ඉහළ යනවා.
දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් එනම්, 19,574ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
රුසියාවෙන් සංචාරකයන් 7,951ක් පැමිණ ඇති අතර, දෙසැම්බරයේ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 6,819ක්.
එළඹෙන 2022 වසරේ දී දිවයිනට මාසික ව සංචාරකයින් ලක්ෂයක් පමණ පැමිණෙනු ඇතැ යි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා පළ කරනවා.
කෙසේ නමුත් එය, 2,018 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් 50%ක ප්‍රතිශතයක්.
Share This Article