කොටදෙණියාව ළමයින් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
Friday, 31 December 2021 - 7:50 | Views - 737
අතුරුදන් වූ කොටදෙණියාව - වත්තේමුල්ල - බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ළමයින් දෙදෙනා සොයා ගැනීම සඳහා පොලිසිය යළිත් මහජන සහාය පතනවා.

දැනට එම ළමයින් දෙදෙනා අතුරුදන් වී දින 38 ක් ගත වී ඇතත්, ඔවුන් සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නො මැති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මස 23 වැනි දා සිට මෙම ළමයින් දෙදෙනා අතුරුදන් ව ඇති අතර, ඥාති සොහොයුරන් වන ඔවුන් අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන්නන්.

මීට පෙර ද පොලිස් මූලස්ථානය විසින් දරුවන්ගේ ඡායාරූප සහ තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබුණේ, ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නො වීම හේතුවෙන්.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ළමයින් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් 0718 592 867 හෝ 0718 592 868 යන දුරකථන අංක වෙත දැනුම් දීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top