වනිඳුට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වෙයි ?
Thursday, 30 December 2021 - 15:06 | Views - 308
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිඳු හසරංගට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව වාර්තා වනවා.
මීට හේතු වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදි වනිඳුට ඇති වූ ආබාධය යි.
එහිදී වනිඳු හසරංගගේ පාදයේ මස් පිඩුවේ ඇතිවු ආබාධය නිසා අවසන් තරගයේ අවසන් භාගයේදි පිටියෙන් ඉවත් වුණා.
පසුව කළ ස්කෑන් පරීක්ෂාවේදි තහවුරු වූයේ පාදයේ ඉහල කොටසේ (hamstrings) මස් පිඩුවක් ආබාධයකට ලක්ව ඇති බවයි.
ඒ අනුව වනිඳු ට සති 3 ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළා.
ලබන 16 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ එක්දින තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට වනිඳුට නොහැකි වීමේ වැඩි ඉඩක් පවතින්නේ ඒ අනුවයි.
එක්දින තරග 3 ක් සදහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.
මෙම තරගාවලියේ දෙවන හා තුන්වන එක්දින තරග පිළිවෙළින් ජනවාරි 18 වැනිදා හා ජනවාරි 21 වැනිදා පැවැත්වෙනවා.
Share This Article