වනිඳුට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වෙයි ?
Thursday, 30 December 2021 - 15:06 | Views - 309
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිඳු හසරංගට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදි වනිඳුට ඇති වූ ආබාධය යි.

එහිදී වනිඳු හසරංගගේ පාදයේ මස් පිඩුවේ ඇතිවු ආබාධය නිසා අවසන් තරගයේ අවසන් භාගයේදි පිටියෙන් ඉවත් වුණා.

පසුව කළ ස්කෑන් පරීක්ෂාවේදි තහවුරු වූයේ පාදයේ ඉහල කොටසේ (hamstrings) මස් පිඩුවක් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඒ අනුව වනිඳු ට සති 3 ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළා.

ලබන 16 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ එක්දින තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට වනිඳුට නොහැකි වීමේ වැඩි ඉඩක් පවතින්නේ ඒ අනුවයි.

එක්දින තරග 3 ක් සදහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.

මෙම තරගාවලියේ දෙවන හා තුන්වන එක්දින තරග පිළිවෙළින් ජනවාරි 18 වැනිදා හා ජනවාරි 21 වැනිදා පැවැත්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top