සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වැසෙයි
Thursday, 30 December 2021 - 13:15 | Views - 949
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වතාවක් වසා දමන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මීට හේතු වී ඇත්තේ තෙල් පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන බොරතෙල් මේ දක්වා ලබා ගැනීමට නොහැකි වීමයි.

මෙම තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන බොරතෙල් මිල දී ගැනීම සඳහා මේ වනවිට රට තුළ පවතින බරපතළ ඩොලර් බලපා ඇති බව වාර්තා වනවා.

මීට පෙර අවස්ථාවකදීත් බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණා.

තෙල් පිරි පිරිපහදුව නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණේ දින තිස් හයක් වසා දමා තිබීමෙන් අනතුරුවයි.

මෙරටට අවශ්‍ය කරන භූමිතෙල්, ගුවන්යානා ඉන්ධන සහ නැප්තා නිෂ්පාදනය කෙරෙන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු හරහායි.

කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් ඉදිරි කාලයේ දිවයිනේ බරපතළ භූමිතෙල් හිගයක් මතුවිය හැකි බවට වෘත්තිය සමිති අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ගෑස් අර්බුදය හේතුවෙන් භූමිතෙල් වලට වැඩි ඉල්ලුමක් මතුවී ඇති බවත් මෙලෙස භූමි තෙල් නිෂ්පාදන කටයුතු අඩාල වීම හේතුවෙන් පොදු ජනතාවට තවත් බරපතළ ගැටලු රාශියක් මතු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top