ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වැටලීමකින්, සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.
එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කළ හා කළමනාකරණයට සහාය වූ දෙදෙනෙකු සමඟ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණෙන් රැඳී සිටි සැකකාරියන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
මෙසේ අත් අඩංගුවට ගත් සැකකාරියන්, අවුරුදු 38, 25, 31, හා 41 යන වයස්වල පසුවන්නියන් බවට යි වාර්තා වෙන්නේ.
ඔවුන් මීගහතැන්න, පාණදුර, වක්වැල්ල, මොරටුව, මඩොල්සිම හා හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
අදාළ සැකකාරියන් අද (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.