හදිසි අනතුරු හේතුවෙන් මෙරට තුළ වසරකට පුද්ගලයන් 12,000ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එහි බෝ නො වන රෝග ඒකකය සඳහන් කළේ, ඒ අනුව දිනකට පුද්ගලයන් 35 දෙනෙකු පමණ හදිසි අනතුරු හේතුවෙන් මියයන බවයි.
වසරකට මිලියන 3ත්, 4ත් අතර වන පුද්ගලයන් ප්‍රමාණයක් හදිසි අනතුරුවලට ලක්වන අතර දිනකට පුද්ගලයන් 12,000ක් පමණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරට රෝහල් පද්ධතියට ඇතුළු වන බවටයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය සහ එය පාලනයට විවිධ සීමා පනවා තිබූ පසුගිය දෙවසරක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.