තවත් ලාංකිකයෙක් ඝාතනය කෙරෙයි
Thursday, 30 December 2021 - 9:06 | Views - 3,624
සීෂෙල්ස් හී වාසය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ ඔහු ගෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇති බවටයි.

සීෂෙල්ස් හි තුන්වන ජනාකීර්ණ දූපත වන ලා ඩිගු හි පදිංචිව සිටි දොන් හරීන්ද්‍ර පොන්නවිල (47) ගේ සිරුර දෙසැම්බර් 10 වැනි සිකුරාදා උදේ 8.50 ට පමණ ඔහු සේවයේ නියුතු ව්‍යාපාරිකයාට අයත් පෞද්ගලික නිවසක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

“ඉදිකිරීම් සමාගමක් හිමි අදාල ව්‍යාපාරිකයා පොලිසිය ට පවසා ඇත්තේ හරීන්ද්‍ර දින හතරක් සේවයට නොපැමිණීම නිසා ඔහු පිළිබඳ සෙවීමට ගිය බවයි.

ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ තමා නිවසට පැමිණි විට කිසිවෙකු නොදුටු බවත් නිදන කාමරයේ ජනේලයෙන් බැලූ විට තම සේවකයා බිම වැටී සිටිනු දුටු බවත්ය. 

පසුව ඔහු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය සිරුර සම්බන්ධයෙන් සිදු කල මූලික පරීක්‍ෂණයකදී කිසිදු සලකුණක්‌ අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා .

ඉන් දින තුනකට පසු පොලීසිය පවසා ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී මෙම ශ්‍රී ලාංකිකයා ගෙල සිර කිරීමෙන් මියගොස් ඇති බවට හෙළි වී ඇති බවයි

එතැන් සිට විමර්ශනය වෙනත් මානයකට හැරී ඇති අතර දැන් මෙය මිනීමැරුමක් ලෙස සලකා පරීක්ෂණ සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද වනතුරු කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top