බස් ගාස්තු ඉහළ දැමුවත් මගීන් රැගෙන යා හැක්කේ, ආසන සංඛ්‍යාවට පමණක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ලබන ජනවාරි මස 5 වැනි දා සිට පෞද්ගලික සහ ලංගම අවම බස් ගාස්තුව රුපියල් 3කින් සහ අධිවේගී මාර්ග ඇතුළු අනෙකුත් බස් ගාස්තු සියයට 17කින් ඉහළ දැමීමට ඊයේ තීරණය කෙරුණා.
ඒ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සහ අමතර කොටස් මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව අවම බස් ගාස්තුවද රුපියල් 14 සිට 17 දක්වා ඉහළ නැංවෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමග ඊයේ පස්වරුවේ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කෙරුණා.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ, බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යන්නේ ද පිළිබඳව පොලිසිය යොදවා විමර්ශන සිදු කරන බවයි.
මේ අතර, අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළ නැංවීම අසාධාරණ බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පවසනවා.