වැඩි වූ බස් ගාස්තු
Thursday, 30 December 2021 - 8:55 | Views - 822
බස් ගාස්තු ඉහළ දැමුවත් මගීන් රැගෙන යා හැක්කේ, ආසන සංඛ්‍යාවට පමණක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ලබන ජනවාරි මස 5 වැනි දා සිට පෞද්ගලික සහ ලංගම අවම බස් ගාස්තුව රුපියල් 3කින් සහ අධිවේගී මාර්ග ඇතුළු අනෙකුත් බස් ගාස්තු සියයට 17කින් ඉහළ දැමීමට ඊයේ තීරණය කෙරුණා.

ඒ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සහ අමතර කොටස් මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අවම බස් ගාස්තුවද රුපියල් 14 සිට 17 දක්වා ඉහළ නැංවෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමග ඊයේ පස්වරුවේ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කෙරුණා.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ, බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යන්නේ ද පිළිබඳව පොලිසිය යොදවා විමර්ශන සිදු කරන බවයි.

මේ අතර, අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළ නැංවීම අසාධාරණ බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පවසනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top